බඩගින්නේ හිටි හොර මුලක් වේගයෙන් හොරකම් කරනවා… අලුත්ම හොරකම ඩොලර් ලක්ෂ විසිපහ…!

April 26, 2026 at 3:34 pm | by emanisa.lk

බඩගින්නේ සිටි හොරු කල්ලියක් වේගයෙන් සොරකම් කරමින් ඇතැයිද හාන්ස් විජේසූරියලාට ඩිජිටල් තාක්ෂණය භාරදෙන විට රට හාන්සි කරනු ඇතැයි නොසිතූ බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ පවසයි.

ආණ්ඩුව පත්වූ අලුත ෆේස්බුක් පෝස්ට් එකට පවා CIDට ගිය ජනාධිපති ලේකම්ට ඩොලර් මිලියන දෙකහමාරක වංචාව ගැන මාස හතරක් ගියද CIDයේ පැමිණිල්ලක් නොදැමූ බවටද ඔහු චෝදනා කරයි.

විපක්ෂය මෙම වංචාව හෙළිදරව් නොකළේ නම් මේ අවුරුදු පහම එය හෙළි නොකරන බවත් මෙම හොරකමේ චූදිතයා මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම බවත් මුදල් අමාත්‍ය ජනාධිපති අනුර දිසානායක සම්පූර්ණයෙන් ඊට වගකිව යුතු බවත් සම්පත් අතුකෝරළ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *