බඩගින්නේ මැරුණත් රටට සත පහක් එවන්න එපා…! – ෆීල්ඩ් මාර්ෂල්..

September 1, 2022 at 3:24 pm | by emanisa.lk

මේ රටේ පත්වන පාලකයින් ජනතාවට සමෘද්ධිය ලබා දෙන බව ආඩම්බරෙන් කියන්නේ යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ජනාධිපතිවරයා අතුරු අයවැයෙන් තවත් ලක්ෂ 08කට සමෘද්ධිය ලබා දීමට යෝජනා කර ඇති බවත් රටවල් මෙසේ ගොඩනැඟිය නොහැකි බවත් සරත් ෆොන්සේකා අවධාරණය කරයි.

අවසානයේ මේ රටේ මැති ඇමැතිවරුත් ජනාධිපතිවරයාත් සමෘද්ධිලාභීන් වනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

ජනතාව මර්දනය කරන ආණ්ඩුවට කිසිදු සහයෝගයක් ලබා නොදෙන ලෙසත් රටට සත පහක් නොඑවන ලෙසත් ෆීල්ඩ් මාර්ෂල් විදෙස්ගත ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

අතුරු අයවැය විවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *