බංග්ලාදේශයේ අරගලකරුවන් විසින් එරට රූපවාහිනී මධ්‍යස්ථානය අත්පත් කරගෙන තිබේ.
අගමැති ධුරයෙන් ශික් හසිනා ඉවත්ව රටින් පළා ගිය පසු හමුදා ප්‍රධානියා විසින් රට හමුදා පාලනය යටතට ගෙන තිබේ.
එහෙත් අරගලකරුවෝ තව දුරටත් ප්රචණ්ඩ ක්‍රියාවල නිරත වෙමින් සිටිති. බංග්ලාදේශයේ නිර්මාතෘ මුජිබර් රහුමාන්ගේ ප්‍රතිමාව පවා විනාශ කිරීමට අරගලකරුවන් කටයුතු කර තිබේ.
ඔවුහු අගමැති නිල නිවස ඇතුළු හසීනා රජයේ මැති ඇමැතිවරුන් රැසකගේ නිවාස ගිනිබත් කර බඩු භාණ්ඩ කොල්ල කන අයුරු සමාජජාලවල වීඩියෝ පට හුවමාරු වෙයි.