අනිච්ඡා වත සංඛාරා කීමට නියමිතව තිබූ රට මරණයෙන් බේරා ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, ග්‍රීසිය, ලෙබනනය සහ සිම්බාබ්වේ ආදී රටවල් තවමත් බංකොලොත්භාවයේ ගිලී ඇති බවයි.
මාස 18ක් තුළ බංකොලොත් රාජ්‍යයක් ආපසු හැරුණේ කෙසේ දැයි ලෝකයේ රටවල් ලංකාවෙන් උගනිමින් ඇතැයි ද හෙතෙම කීය.
එහෙත් “අපේ එකා ගැන අපට අගයක් නැතැයි” ද ඇමැති හරීන් ප්‍රනාන්දු සඳහන් කළේය.