බංකොලොත් නින්දාවෙන් රට මුදා ගැනීම ජනපතිගේ එක ම අරමුණයි..! – වජිර…

November 20, 2022 at 11:56 am | by emanisa.lk

ලංකාව දැන් අයත් වැයත් මොකුත් නැති රටක් බවට පත්වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

ලෝකය හමුවේ ලංකාව ඉතාමත් පහළ තැනකට ඇද දමා තිබෙන බව කී වජිර අබෙිවර්ධන, ජනපති මෙවර අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ පවතින තත්ත්වයෙන් රට උඩට ගැනීමට බව සඳහන් කළේය.

ඔහු මේ බව කීවෙි පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ විහාරාධිපති, සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී බැහැදුටු අවස්ථාවේදීය.

බංකලොත් ජාතියක් ලෙස ලෝකය හමුවේ වැදුන සීල් එකෙන් රට මුදා ගැනීම ජනපතිගේ එකම අරමුණ බව ද වජිර අබේවර්ධන සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *