රාජ්‍ය අංශයේ වැටුප වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේත් වැටුප් වැඩි කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කර ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.
ඒ අනුව පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලය හරහා අදාල අංශවලට යොමු කර තිබෙන බව කී අමාත්‍යවරයා, ඉදිරියේ දී පෞද්ගලික අංශයේ අවම වැටුප නිවේදනය කරන බව ද සඳහන් කළේය.
අවම වැටුප් නිර්ණය කිරීමේ කමිටුව සහ ජාතික කම්කරු උපදේශක සභාව රැස්වී අදාල යෝජනාවට එකඟතාව ගෙන ඇතැයි ද හාම්පුතුන්ගේ සංගමය මෙන්ම වෘත්තීය සමිති අදාල කාරණා සම්බන්ධයෙන් එකඟතාවයෙන් වැඩ කරන බව ද අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩි දුරටත් කීය.