පෝලිම්වල නොසිට ගෙදර ගිහින් ලියාපදිංචි වන්න…! තෙල් දෙන්නේ ඉන්ධන අවසරපතට විතරයි…!- කාංචන…

July 18, 2022 at 9:24 am | by emanisa.lk

මේ මස 21 වැනි දා සිට අඛණ්ඩව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ හේතුවෙන් පිරවුම් හල් අසල රැඳී නොසිටින ලෙසත්, වාහන පෝලිම් කිරීමෙන් වළකින ලෙසත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර අමාත්‍ය කාංචන විජේසේකර පවසන්නේ සිපෙට්කෝ ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත්කරනු ලබන්නේ පෝලිම්වල රැඳී සිටින පිරිස් ඉවත්වීමෙන් අනතුරුව බවයි.

ඉදිරියේ දී පෝලිම් පිළිවෙළට ඉන්ධන ලබා නොදෙන බවත් සිය වාහන ලියාපදිංචි කර අදාළ ඉන්ධන කෝටාව ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *