ප්‍රචණ්ඩත්වයට උඩගෙඩි දෙන බවට ස්වාමීන් වහන්සේ නමකට සුදුසු නොවන ප්‍රකාශ කරන බවට තමන් වහන්සේට චෝදනා එල්ල කරන්නේ බණ පදයක් තේරුම් ගත නොහැකි පුද්ගලයින් බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සමග තමන්ට පෞද්ගලික සම්බන්ධයක් මිස කිසිදු දේශපාලන සම්බන්ධයක් නැතැයි ද එහිමියෝ අවධාරණය කළහ.
21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වී ගමට එන්න එපා යැයි ද එසේ කළහොත් ජනතාව පිළිතුරු දෙනු ඇතැයි කීමෙන් අදහස් කළේ ඡන්දය නොදී සිටීම බවත් සෝභිත හිමි ප්‍රකාශ කරයි.
අමාත්‍ය විමලවීර දිසානායක තමන් වහන්සේ අවිහිංසාව සහ රට වැසියන් වරදින් මුදවා ගැනීමට දේශනා කරන ධර්මය වැරදියට තේරුම් ගෙන ඇති බවත් උන් වහන්සේ පැවසූහ.
රාජපක්ෂලා බෞද්ධයින් නොවන බවත් රටේ භාණ්ඩාගාරය හිස්ව මිනිස්සු කිරිපිටි ටිකක් නැතිව සිටින අතර මහින්ද රාජපක්ෂ තිරුපති ගොස් කිරි කළගෙඩිවලින් ලිංග නහවා පැමිණි බවටත් එහිමියෝ චෝදනා කළහ.