රට තුළ පවතින ආහාර හිඟය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කෘෂිකර්ම ක්ෂේත්රයේ නියෝජිතයින් සමඟ ඊයේ (28) විශේෂ සාකච්ඡාවක නිරත විය.
යුක්රේනයේ පවතින යුද්ධය හේතුවෙන් ලෝකය තිරිඟු සහ පොහොර හිඟයකට මුහුණ පා සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ. හිඟය වැඩි වන විට, වහාම පිළියම් ක්‍රියාමාර්ග නොගතහොත් ශ්‍රී ලංකාවේ ආහාර සැපයුම් නරක අතට හැරෙනු ඇති බවට ඔහු අනතුරු අඟවා තිබේ.
එමෙන්ම නාගරික ප්‍රදේශවල වගා කළ හැකි ඉඩම් හඳුනා ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දි ඇත. රට භයානක තත්ත්වයක පවතින බවත් එයින් ගොඩ ඒමට නම් ඒකාබද්ධ උත්සාහයක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
එහි දී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ප්‍රමාණවත් පොහොර සැපයීම සහතික කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් අවශ්‍ය වන බවය. බැංකු විසින් ඩොලර් නිකුත් කළහොත් පොහොර සමාගම්වලට අවශ්‍ය පොහොර ප්‍රමාණය සැපයීමට හැකි වන බවයි ඊට එක්වූ නිලධාරීන් පවසා ඇත.