මෙයට පෙර රුපියල් 1500-2000ත් අතර මිලට අළෙවි වූ කිලෝ 50 පොහොර මිටියක් මේ වන විට රුපියල් 10,000 කට ආසන්න මිලකට අළෙවි කරන බව පොහොර ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පවසයි.
ආනයනික රසායනික පොහොර ගොවි ජනතාවට දරා ගත හැකි මිලකට ලබාදීමට ආනයනකරුවන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ගොවි ජනතාවට හැකි උපරිම සහන සැළසීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.
කෙසේ වුවද ජාත්‍යන්තර වෙළඳපොළේ යූරියා මිල ද මේ වන විට විශාල වශයෙන් ඉහළ ගොසිනි.