පොහොට්ටු ජනපති අපේක්ෂකයා ධම්මික…! ලොකු ම වැඩෙත් බැසිල් ම භාර ගනී..!

December 29, 2023 at 10:33 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා හමු වී අනාගත දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.

උදයන් පුවත්පත වාර්තා කරන ආකාරයට මෙම හමුව සිදුව ඇත්තේ ඇමරිකාවේ දී ය.

එහි දී බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ, ධම්මික පෙරේරාට සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කරන ලෙසය.

ඒ සඳහා ඉන්දියානු සහය ලබා දීමට තමන් කටයුතු කරන බවට ද බැසිල් රාජපක්ෂ එහි දී පොරොන්දු වී ඇතැයි වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *