ආණ්ඩුවේ වැඩපිළිවෙළ ජනතා විරෝධී බව සමගි ජන බලවේගය මෙන් ම ජනතා විමුක්ති පෙරමුණ ද පිළිගන්නා බව සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, එසේ වුව ද තම සන්ධානය වෙන ම දේශපාලනය කරන බවත් ජවිපෙ ප්රමුඛ ජාතික ජන බලවේගය වෙන ම දේශපාලන ගමනක නිරත වන බවත්ය.
පොහොට්ටු අලි සම්මුතියෙන් ආණ්ඩුව කරගෙන යාමට උත්සාහ කළ ද මේ වන විට එම හවුල ද බිඳ වැටෙමින් ඇතැයි තිස්ස අත්තනායක වැඩි දුරටත් ප්රකාශ කරයි.