ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සියලුම දෙනා මේ වන විට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය හමුවේ බියට පත්ව ඇති බව එම පක්ෂයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
“රෑට රෑට හීනෙන් බයවෙනවා වගේ රාජපක්ෂවරු බයවුණාම ඉල්ලනවා පාර්ලිමේන්තු මැතිවරණයක්. එතකොට රනිල් වික්‍රමසිංහ බයයි පාර්ලිමේන්තු මැතිවරණයට. එයා කැමතියි ජනාධිපතිවරණයට.
එනිසා අපට පේන්නෙ මේ ඔක්කොම බයවෙලා තියෙන්නෙ වෙන මොකටවත් නෙවෙයි මාලිමාවට. මොකද, පහුගිය පළාත් පාලන ඡන්දය කල්දැම්මෙත් ඇත්තටම ඔවුන්ගෙ පරාජය නියත නිසානෙ. මේ සැරේ නම් වංගු දාන්න තැනක් නෑ.”
සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (19) එක්වෙමිනි.