පොහොට්ටුව 21ට එරෙහි වෙයි…? සාකච්ඡා අත හරී…!

June 3, 2022 at 8:19 pm | by emanisa.lk

21 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අද පැවැති පක්ෂ නායක හමුව අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායම ඉන් ඉවත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන සහ ජී.ඇල්. පීරිස් මේ සඳහා එකතු වී තිබිණි.

එහි දී අගමැති සහ ඇමැති මණ්ඩලය ඉවත් කිරීමේ අයිතිය ජනාධිපතිවරයා සතු විය යුතු බවට එම පක්ෂය කොන්දේසියක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කෙසේ වුව ද ජනාධිපතිවරයා අගමැතිවරයා ඉවත් කිරීමට නම් පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත ලබා ගත යුතු බවට එහි දී පක්ෂ නායකයින් එකඟ වී ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *