පොහොට්ටුව හවුල්කාර පක්ෂ 11 අපි ගණන් ගන්නේ නෑ…! දිගට ම නොසැලකුවොත් අපි වෙනම ගමනක් යනවා…! – තිස්ස විතාරණ..

November 7, 2021 at 4:20 pm | by emanisa.lk

පොහොට්ටුවේ නායකත්වය තමන් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නොසලකා කටයුතු කරන බැවින් තමන්ටත් වෙනත් ගමනක් ගැන කල්පනා කිරීමට සිදුවනු ඇති බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

“කනගාටුයි කියන්න, අපිව සලකන්නෙ නෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය. දැන් උදාහරණයක් හැටියට අගෝස්තු මැතිවරණයෙන් පසුව මේ එකම වරක් අපිව පක්ෂ නායකයින් කැඳවලා අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා තිබ්බෙ නෑ.

කැපිලි දේශපාලනයක් කරන නිසා අර සහාය දුන්න දේශපාලන පක්ෂවල නායකයින් සියල්ල 11 දෙනෙක් දැන් එකතුවෙලා සති දෙකකට වරක් රැස්වෙලා අපි ජනතාවගේ ප්‍රශ්න ගැන කතාකරලා ඒ වෙනුවෙන් පුළුවන් දෙයක් කරන්න දැන් කටයුතු කරගෙන යනවා.

ඒ බලපෑම අනුව ආණ්ඩුව කටයුතු කළෝතින් එහෙනම් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙයි. නමුත් ඒක කෙරුවේ නැත්නම් අපට වෙන ගමනක් ගැන කල්පනා කරන්න වෙයි”

මහාචාර්ය තිස්ස විතාරණ මේ බව පැවසුවේ ඊයේ (06) බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවැති ලංකා සම සමාජ පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස