පොහොට්ටුව බේරාගත් රනිල්ට තව අවස්ථාවක් දීමේ වරදක් නෑ,..! – එස්.බී.

May 12, 2024 at 7:38 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ සමගි ජන බලවේගය සහයෝගය ලබා දෙන අපේක්ෂකයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ සිය ඡන්ද පදනම වැඩි කර ගෙන තිබුණ ද ඔවුන්ට ජනාධිපතිවරණයක් ජයගත නොහැකි බවයි, ඔහු ප්‍රකාශ කළේ.

අර්බුදය අවස්ථාවේ රටත් තමනුත් පක්ෂයත් බේරා ගැනීමට ඉදිරියට පැමිණි රනිල් වික්‍රමසිංහට තවත් වසර 05ක් ලබා දීමේ කිසිදු වරදක් නැතැයි ද එස්.බී. දිසානායක සඳහන් කළේ අද (12) මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *