රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා සුදුසු ම නායකයා සිය පක්ෂය විසින් තෝරාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාන්තා බල මණ්ඩල සම්මේලන මාලාවේ සමාරම්භක රැස්වීමට අද (26) බේරුවල දී එකතු වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
“ඒ මොහොතෙ අපිට අවශ්‍ය වෙලා තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න සහ ආර්ථිකය නැවත ගොඩනගන්න. දෙදෙනෙක් ඉදිරිපත් වුණා.
එක්කෙනෙක් අපේ පක්ෂයේම මන්ත්‍රීවරයෙක්, ඩලස් අලහප්පෙරුම. අනෙක් කෙනා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමන් එක්ක අපිට දේශපාලන කෝන්තරයක් තිබුණා.
නමුත් ඒ වෙලාවේ ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන්න පුළුවන් නායකයා ඔහු බව අපි සාකච්ඡා කරලා තීරණය කළා. එදා අපි පක්ෂයක් විදිහට ගත්ත නිවැරදි තීන්දුවේ ප්‍රතිඵල අද ඔබට දකින්න පුළුවන්.”