පොහොට්ටුව එපා වූ තවත් පිරිසක් ඩලස් පිලට…!

September 3, 2022 at 5:38 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමට එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් නුදුරු කාලයේදී එම කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇති බව ද දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම” මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු මන්ත්‍රීවරුදහතුන් දෙනෙක් ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත්හ.

එම පිරිස නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මූලික සැලසුම් සකස් කර ඇති අතර, ඒ සඳහා වෙනම කාර්යාලයක් ද ඉකුත් සිකුරාදා නාවලදී විවෘත කරනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *