පොහොට්ටුවේ 03කට සජබ 02කට ශ්‍රීලනිප සහ කම්කරු කොංග්‍රස් 02කට කැබිනට් ඇමැති ධූර…!

November 5, 2022 at 11:22 am | by emanisa.lk

එළඹෙන අයවැය කාලපරිච්ඡේදයෙහි ජනාධිපතිවරයා විසින් තවත් ඇමැතිවරු කිහිප දෙනෙකු පත්කිරීමට සූදානම් වන බව ඉංගිරිසි පුවත්පතක් වාර්තා කරයි.

මෙම මස 14 වෙනිදා 2023 වසර සඳහා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පවිත්‍රා වන්නිආරච්චි, සී.බී. රත්නායක සහ එස්.එම්. චන්ද්‍රසේන එම පිරිස අතර ඇතැයි දැන ගන්නට තිබේ.

එසේ ම ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක ද ඒ අතර වෙයි. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු හෝ දෙදෙනෙකුට ද ඇමැති ධූර හිමි වනු ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *