අද වන විට පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ට තමන්ගේ නායකයා සහ ජනාධිපති ධූර අපේක්ෂකයා කවුද යන්න කියා ගත නොහැකි තැනට පත්ව ඇතැයි ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය පවසයි.
කහටගස්දිගිලිය ප්‍රදේශයේ පැවති කාන්තාවන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙරේදා (08) ඇය මේ බව කියා සිටියාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තවම තමන්ගේ නායකයා සහ ජානාධිපති ධූර අපේක්ෂකයා කවුද කියා කියා ගැනීමට හැකියාවක් නෑ. දැන් කී වතාවත් මෙතනින් නැගිටිනව අතනින් නැගිටිනවා කිය කියා අනුරාධපුරයෙන් පටන් ගත්ත. ඊට පසු හම්බන්තොටට ගියා. තවත් කොහේද ගියා. රැස්වීම් තිය තියා ගියාට තවම මොකක්වත් කියා ගැනීමට බැරිව ඉන්නෙ.
අඩුම තරමින් අනෙකුත් හැම දේශපාලන පක්ෂයකටම තමන්ගෙ ජනාධිපති ධූර අපේක්ෂකයා කවුද කියා කියන්න හැකිවී තියෙනව. පොහොට්ටුවට ඒකවත් කරගැනීමට හැකියාවක් නෑ. ඒ ගොල්ලොත් අවසානයේ රනිල් වික්‍රමසිංහගේ පිහිටෙන් ගොඩයෑමට බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඒක දැන් පොහොට්ටුවක් නොවෙයි පර වෙච්ච නට්ටක් විතරයි.”