පොහොට්ටුවේ ජනමතය රකින්න රනිල්ට සහාය දෙනවා…! – ප්‍රසන්න රණතුංග….

October 24, 2022 at 7:18 pm | by emanisa.lk

ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දුව තීරණය කිරීම සඳහා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ දී විමසූ රහස් ඡන්ද ප්‍රතිඵලය තමා වෙත ලැබී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පවසයි.

ජනාධිපතිවරයාගේ කකුලෙන් නොඇඳ ඔහු ගෙන යන වැඩපිළිවෙළට සහාය පළ කළ යුතු බව මිනුවන්ගොඩ දේශපාලන මණ්ඩලයේ අති බහුතරයකගේ ස්ථාවරය බව ද ඇමැතිවරයා කීය.

එය පොහොට්ටුව අතහැර යාමක්ද නොව පොහොට්ටුවේ ජනමතය ආරක්ෂා කිරීම සඳහා මේ මොහොතේ ගත හැකි හා ගත යුතු හොඳ ම තීරණය බව ද ප්‍රසන්න රණතුංග සඳහන් කළේය.

මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම අලියාගේ පිටේ නැගීමක් නොවන බවත් එලෙස සහය පළ කිරීම පොහොට්ටුව හැර යාමක් නොවන බවත් අමාත්‍යවරයා කීය.

ඉදිරි දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා තමා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ රහස් ඡන්දයක් පැවැත්වූයේ පොහොට්ටුව හැර යාමට නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදෙස් සංචාරයකින් පසු දිවයිනට පැමිණ ප්‍රකාශයක් කරමින් ප්‍රසන්න රණතුංග මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *