පොහොට්ටුකාරයෝ සාධුකාර දෙද්දි රනිල් ඉන්දියාවට රට බිලි දෙනවා…! – විමල්…

March 4, 2024 at 6:03 am | by emanisa.lk

බලයට ඉව අල්ලන සියලු දේශපාලන පක්ෂ ඉන්දියාවේ හිත ‘ඌයියා වෙයි‘ කියා ඉන්දියාවට එරෙහිව කටක් අරින්නේ නැති බවත් ‘බොරළුගොඩ සිංහයෝ – රාජපක්ෂලා – පොහොට්ටුකාරයෝ‘ සාධුකාර දෙද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ‘රටේ ස්වෛරීභාවය ඉන්දියාවට බිල්ලට දීම‘ යස අපූරුවට කරගෙන යන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාදුක්ක වේරගලදී පැවති ‘9 න් පසුව ශ්‍රී ලංකාවේ ඉරණම?’ යන මැයෙන් පැවති ජන හමුවක් අමතමින් විමල් වීරවංශ මහතා එසේ පැවසීය.

රටක් විදියට නිදහසෙන් පසු මුහුණ දුන් බරපතළම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටියදී් අර්බුදයට නිසි ප්‍රතිකර්මය කළොත් යම් රටක් හිටියාටත් වඩා හොඳින් නැගිටින බවත් නිදසුනක් හැටියට 1991 දී ඉන්දියාවත් මෙවැනි අර්බුදයකට මුහුණපා සිටියදී ඔවුන්ගේ විදේශ විනිමය සංචිතයේ පැවතියේ  පිටරටින් භාණ්ඩ ගෙනඒමට සතියකට සෑහෙන ඩොලර් ප්‍රමාණයක බවත් ඒ මහතා කීය.

එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි, ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම ඒ වන විට ඉන්දියාවේ කීර්තිමත් ආර්ථික විශේෂඥයෙකු වූ ‘මන්මෝහන් සිං‘ට පැවරූ බව කී වීරවංශ මහතා ඉන්දියාව කෙටි කලක් තුළ ඒ අර්බුදයෙන් ගොඩ ආ බව ද කීය.

ඉන්දියාවේ ඒ නිවැරදි ගමනේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවට අද ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා බවට පත්වීමට හැකිව ලැබී තිබෙන බවත් නමුත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව දෙන ප්‍රතිකර්ම වළකට වැටී ඇති රට, ඒ වළ පත්ලටම හාරා, මුළු රටම වළලන වර්ගයේ ප්‍රතිකර්ම බව ඉතා පැහැදිලි බවත් වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *