පොසොන් උත්සවේ මිහින්තලේ හාමුදුරුවන්ගෙන් බේරගන්න කාලේ ඇවිත්…! – කැන්ටින් අසේල..

May 28, 2023 at 1:39 pm | by emanisa.lk

මිහිඳු හිමි ලංකාවට පැමිණෙන විට එහි ලයිට් තොරණ හෝ පෙරහැර හෝ නොතිබුණු බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සංජීව පවසයි.

දැන් සියල්ල ගැටලුවක් බවට පත්ව ඇත්තේ අලුත් අනුබුදු මිහිඳු හිමි වන වළවහැංගුණුවැවේ හිමිට බවත් උන් වහන්සේගෙන් පොසොන් උත්සවය බේරා ගැනීමට කාලය පැමිණ ඇති බවත් ඔහු සඳහන් කරයි.

පොසොන් උත්සවය අවසන් වූ පසු මිහින්තලේ විහාරයේ සහ එහි නායක හිමියන්ගේ වත්කම් පිළිබඳ බුද්ධශාසන අමාත්‍යංශයට ගොස් තොරතුරු ලබා ගන්නා බව ද අසේල සංජීව කීය.

විහාරයේ වත්කම් තිබිය දී දෙස් විදෙස් සංචාරකයින්ගෙන් මුදල් ලබා ගනිද්දි පොසොන් පොහොය අල්ලා ගෙන සිදුකරන නාඩගම කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි. රට දරුණු ආර්ථික අර්බුදයක පවතින මොහොතක ලක්ෂ 31ක් ලබා දුන් පසු පොසොන් උත්සවය පැවැත්විය නොහැකි මන්දැයි අසේල සංජීව වැඩි දුරටත් පශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *