පොලිසියෙන් ගැහුවොත් පොලිසි යන්න…! පොලිසියට ගහන්න කාටවත් බෑ…! – අජිත් රෝහණ

April 3, 2021 at 4:20 pm | by emanisa.lk

කිසියම් පුද්ගලයකුට පොලිස් නිලධාරියකු විසින් හේතුවක් නොමැතිව යම් පහරදීමක් හෝ බලය භාවිත කිරීමක් සිදුවුව හොත් එම පුද්ගලයට පොලීසියට, පොලිස් මූලස්ථානයට හෝ පොලීසියේ ඉහළ නිලධාරීන්ට පැමිණිලි කිරීමට හැකියාවක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

තවද මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට හැකියාව තිබෙන බව ද ඔහු සඳහන් කරයි.

එසේ නොමැතිව නිල ඇඳුමින් සිටින පොලිස් නිලධාරීන්ට එරෙහිව බලය පාවිච්චි කිරීමට හැකියාවක් නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කරයි.

සමාජ මාධ්‍ය හරහා සමජගතවන වැරදි තොරතුරු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මේ බව සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *