පොලිසියට දේශපාලන බලපෑම් කළේ ජගත් කුමාර….! හිතවතෙක් පාදුක්ක OIC කරන්න කීවා…! – සරත්….

September 19, 2021 at 10:03 pm | by emanisa.lk

පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දුන්නේ කාන්තා පොලිස් නිලධාරීන් නොමැතිව කාන්තාවන් දෙදෙනෙකු පොලිසියේ රඳවා තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් මත බව සිවිල් ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා එම තනතුරින් ඉවත් කළේ පොලිස්පතිවරයාගේ නිර්දේශ මත අමාත්‍යංශ ලේකම්වරයා විසින් බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

අනතුරුව ජගත් කුමාර මන්ත්‍රීවරයා තමා වෙත වාචිකව සහ ලිඛිතව තමන්ට පක්ෂපාතී පොලිස් ස්ථානාධිපතිවරයෙකු පත් කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බව සරත් වීරසේකර සඳහන් කරයි.

පොලිසියට දේශපාලන බලපෑම් කළේ ජගත් කුමාර මන්ත්‍රීවරයා බවත් ඔහු උරණව ඇත්තේ තමන්ට හිතවත් පොලිස්පතිවරයෙකු පත්කර ගැනීමට නොහැකි වූ නිසා බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *