පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, මරදන්කේනි සහ ජයපුරම් පොලිස් ස්ථාන මඟින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවය.
පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථනයක් අසල දී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇති කරගත් ආරවුල සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මෙයට පෙර ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්විය.
එම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද ඊයේ (06) කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.