උද්ඝෝෂණයක් මෙල්ල කිරීමට පානදුර දකුණ ප්රධාන පොලිස් පරික්ෂකවරයා විසින් පොලිස් කාන්තාවන් දෙදෙනෙකු බෙල්ලෙන් අල්ලා යොමු කිරීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ සිද්ධියට අදාළව සිද්ධියට මුහුණ පෑ පොලිස් නිලධාරිනියන් දෙදෙනාගෙන් ද ප්රකාශ සටහන් කරගෙන තිබේ.
එම නිලධාරිනියන් දෙදෙනා පවසා ඇත්තේ අදාළ සිද්ධිය තමන්ට ගැටලුවක් නොවන බවයි.
පොලිස් පරික්ෂකවරයා සඳහන් කර ඇත්තේ තමා අදාළ නිලධාරිනියන් සිය රාජකාරිය සඳහා උන්නදු කළ බවයි.