පොලිස් ලොක්කගේ නිලේ ඔළුවට ගහල…! කළුබෝවිල රෝහලේ සේවකයාට හරකා කියල බැනල…!

February 5, 2021 at 8:56 pm | by emanisa.lk

කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට වාර්තාවක් ලබා ගැනීම සඳහා පැමිණි ඉහළ පොලිස් නිලධාරියකු විසින් එහි කාර්ය මණ්ඩලය සාමාජිකයකුට බැණ වැදී තර්ජනය කිරීමට එරෙහිව රෝහල් කාර්ය මණ්ඩල සුළු සේවක පිරිසක් පෙරේදා (03) සවස පැය දෙකකට ආසන්න කාලයක් සිය රාජකාරිවලින් ඉවත් වී විරෝධතාවක නිරත වූහ.

මෙම විරෝධතාව හේතුවෙන් රෝහලේ වැඩකටයුතුවලට ද බාධා එල්ල විය. මෙහි දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමිපාණෝ මෙසේ කීහ.

“දකුණු කොළඹ ශික්ෂණ රෝහල කියන්නේ රාජ්‍ය ආයතනයක්. පොලිස් නිලධාරියකු මෙතනට ඇවිල්ලා අපේ සේවකයෙකුට හරකා යන වචනය භාවිත කර පහත් ආකාරයට කතා කරන්න අයිතියක් නැහැ. රෝහල් කාර්ය මණ්ඩලයේ හරක්, බල්ලො, බූරුවො නැහැ.

ඊට පස්සේ එයා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට පැමිණිලි කරලා තියෙනවා. පසුව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා එම සේවකයාව කාර්යාලයට ගෙන්වා අර පොලිස් නිලධාරියා ඉදිරියේ දී එම වචනය ම භාවිත කරලා දොස් පවරලා තියෙනවා ඒක සම්පූර්ණ වැරදි ක‍්‍රියාවක්.

අප මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග දුරකතන සංවාදයකින් පසු දැනට තාවකාලිකව වෘත්තීය ක‍්‍රියාදාමය අත්හිටුවන්න තීරණය කළා.

මේ සඳහා හෙට දිනයේ දී සුදුසු විසඳුමක් ලැබුණෙ නැත්නම් සිකුරාදා (05) දින සිට වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට යනවා.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස