පොල් තෙල් කර්මාන්තය දිරිගන්වන්න පොල් ආනයනය කරනවා! – කැබිනට් ප්‍රකාශක…

December 23, 2020 at 9:19 am | by emanisa.lk

දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් දිරිමත් කිරීම සඳහා මාස තුනක කාලයකට අවශ්‍ය කැබලි කරන ලද වියළි පොල් මද ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මේ බව පැවසුවේ ය.

මේ අනුව මසකට ටොන් 13 000 බැගින් මාස තුනක් වියළි පොල් මද ආනයනයට අවසර හිමි වන අතර එමගින් පොල් තෙල් කර්මාන්තකරුවන්ට සිය ණය පියවාගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

පොල් තෙල්වලට ෆාම් තෙල් හෝ වෙනත් තෙල් වර්ග මිශ‍්‍ර කර අලෙවි කිරීම ද තහනම් වන බව ඔහු වැඩි දුරටත් පැවසී ය.

මෙම කැබිනට් පත්‍රිකාව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ සහ වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස ගෙන ආ බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස