පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් පිළිකාකාරක ඇති බවක් කිසිම පාරිභෝගිකයෙක් පැමිණිලි කරල නෑ…! – බන්දුල…

March 25, 2021 at 10:33 am | by emanisa.lk

වෙළෙඳපොළෙහි අඩංගු පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් නැමැති පිළිකාකාරක ඇති බවට පාරිභෝගිකයින්ගෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

පැමිණිල්ලක් ඉදිරිපත් වූයේ නම් ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

කෙසේ වුව ද අහිතකර පොල්තෙල් ඇතැයි ප්‍රකාශ කළ පාර්ශ්වය හමු වී එම පොල්තෙල් ඇති වෙළෙඳපොළ සොයා ගෙන ගොස් ඒ පිළිබඳ විමර්ශනය කරන ලෙස තමා පාරිභෝගික සේවා අධිකාරීයට නියෝග කළ බව ද ඇමැති බන්දුල ගුණවර්ධන අනාවරණය කළේ ය.

මෙම පොල්තෙල් නැවත ප්‍රතිඅපනයනය කරන ලෙස දන්වා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය බවත් ඒවා නිදහස් කර ඇත්නම් ඒ රේගුව නිසා මුදල් ඇමැතිතුමා ඒ පිළිබඳව සොයා බලනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

කෙසේ වුවද රේගුව සඳහන් කරන්නේ එම තෙල් තොග සාමාන්‍ය ලෙස ආනයනකරුවන්ගේ ගුදම්වලට නිදහස් කළ ද රටට බෙදා හැරීමක් නොවූ බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *