පොදු ස්ථානවලට යන්න කොවිඩ් කාඩ්පත අනිවාර්යයි..! අවශ්‍ය නීති ප්‍රතිපාදන සඳහා නීතිපතිගෙන් උපදෙස්…!

November 7, 2021 at 11:57 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ පොදු ස්ථානවලට ඇතුළු වීමේ දී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමේ නීති ප්‍රතිපාදන සඳහා උපදෙස් ලබන සඳුදා (08) නීතිපතිවරයා තමා වෙත ලබා දෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ජර්මනිය කැනඩාව වැනි රටවල කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කර ඇති බවත් එය නොමැතිව කිසිදු ප්‍රසිද්ධ ස්ථානයකට ඇතුළු විය නොහැකි බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

රජය මේ වන විටත් සමස්ත ජනගහනයෙන් 62%කට කොවිඩ් එන්නත් මාත්‍රා දෙක ම ලබා දී ඇති අතර තෙවන මාත්‍රාව ද ලබා දෙමින් ඇති බව පෙන්වා දෙන ඇමැති කෙහෙළිය පෙන්වා දෙන්නේ ජනතාවගෙන් ද එම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහාය අවශ්‍ය බවය.

සාර්ථක එන්නත්කරණ වැඩසටහන නිසා රට විවෘත කළ හැකි වූ බවත් කෙනෙකුට තමන්ගේ ජීවිතය පිළිබඳ තීන්දුවක් ගතහැකි වුව ද අනෙකාගේ ජීවිත අවදානමේ හෙළීමට ඉඩදිය නොහැකි බව ද අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *