නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වෙන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර සහරාන්ගේ සහෝදරිය විවාහ වි සිටින මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සමඟ රැදී සිටි පුද්ගලයින්ගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී ඇතැමුන් පවසා ඇත්තේ ඔවුන් කාඩ් සෙල්ලම් කරමින් සිටි බව යැයි පොලීසිය පැවසීය.
සහරාන් හසීම් යනු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙයි.