පේරාදෙණියෙත් නැති නවීන පහසුකම් සමඟ හිස්බුල්ලගේ ෂරියා විශ්වවිද්‍යාලය රජයට…!

April 22, 2021 at 9:22 pm | by emanisa.lk

බැටික්ලෝ කැම්පස් ආයතනය ඉදිරියට පවත්වා ගෙන යාම සම්බන්ධව විකල්ප දෙකක් පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරීස් පවසයි.

පළමු විකල්පය වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස එය පවත්වා ගෙන යෑම වන අතර දෙවැන්න බැටික්ලෝ කැම්පස් ආයතනය රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වා ගෙන යෑම අනෙක් විකල්පය බව අමාත්‍යවරයා පැවසීය.

බැටිකලෝ කැම්පස් ආයතනය සතුව ඉතා වටිනා සම්පත් පවතින අතර ඒවා පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ පවා දක්නට නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

බැටිකලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගැනීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරීස් වැඩි දුරටත් සඳහන් කරයි. අද (22) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *