දේශපාලන පක්ෂයක මහ ලේකම් තනතුරුක් හොබවන පාර්ලිමේන්තු මන්ත්රීගේ නීතිඥ පුතකු සිය පෙම්වතිය සමග බම්බලපිටිය ප්රදේශයේ මෝටර් රථයක කතබහ කරමින් සිටිය දී කොල්ලකෑමට ලක්ව තිබේ.
පාපැදියකින් පැමිණි පුද්ගයකු මන්ත්රී පුතාගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කර රුපියල් 160 000 වටිනා සුදු රත්තරන් මාලයක් සහ රුපියල් 3000ක් පැහැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
කොල්ලකරු මුලින්ම මුදල් ඉල්ලා ඇති අතර මුදල් නොමැති බව පැවැසීමෙන් පසු ඉනේ ගසාගෙන තිබූ උල්පිිහියක් එළියට ඇද මන්ත්රී පුතාගේ ගෙලට තබා තර්ජනය කර මෙම කොල්ලය සිදුකර ඇත.
කොල්ලකරු මුදල් පසුම්බියේ තිබූ සුදු රත්තරන් මාලය සහ මෝටර් රථයේ ඩෑෂ් බෝඩ් එක මත තිබූ රුපියල් 3000ක මුදලක් පැහැගෙන ගොස් ඇත.