පෙබරවාරියේ සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවයි..!

February 28, 2023 at 8:21 am | by emanisa.lk

පෙබරවාරි මාසය තුළ ද මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. පෙබරවාරි 26 වෙනිදා වන විට සංචාකයින් ලක්ෂයේ සීමාව ඉක්මවා තිබේ

ජනවාරි මාසය තුළ ද සංචාරකයින් 102,545 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩි දෙනෙකු රුසියානු ජාතිකයින් බව වාර්තා වේ.

ඊට අමතරව ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, අමෙරිකාව සහ ඊශ්‍රායලය යන රටවලින්ද වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *