රට තුළ ඉන්ධන අර්බුදයක් පැවති අවස්ථාවක රුපියල් 250ක් වැනි මුදලකට ඉන්ධන ලබාදීම සිදුකළ හැකි බවට මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක සිදු කළ ප්‍රකාශය අසත්‍යය බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය විය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ඊයේ (06) දින මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් කැඳවා තිබුණි.
හිටපු සභාපතිවරයා ඉන්ධන මිල සම්බන්ධයෙන් සිදුකළ ගණනය කිරීම්වල අඩුපාඩු පැවති බව විගණකාධිපති ඩබ්ලිව්. පී. චූලානන්ද වික්‍රමරත්න කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයා සිදුකළ අදාළ ප්‍රකාශය අසත්‍යය බවට ජනතාවට කරුණු දක්වන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහට නියෝග කරනු ලැබීය.