පුතුගේ උපන් දිනේට ගුරු අම්මාගෙන් අයිස් සහ ගංජා සාදයක්….!

April 26, 2021 at 6:46 am | by emanisa.lk

තම පුතුගේ උපන්දිනය නිමිත්තෙන් මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ජාත්‍යාන්තර පාසලක ගුරුවරියක ඇතුළු තරුණ තරුණියන් පහළොස් දෙනකු අයිස් සහ ගංජා සමග අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.

පාමංකඩ සුඛෝපභෝගී දෙමහල් නිවසකදී අත්අඩංගුවට ගත් එම පිරිස අතර සැකකාර ගුරුවරියගේ පුතුන් දෙදෙනා ද වන බව පොලිසිය කියයි.

තරුණ තරුණියන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් හා ගංජා මිලිග්‍රෑම් 2450ක් මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදා ගන්නා උපකරණ ද පොලිසිය බාරයට ගෙන ඇත.

42 හැවිරිදි සැකකාර ගුරුවරිය ද එම තරුණ තරුණියන් දෙපිරිසට සහාය වෙමින් විනෝද වෙමින් සිටි බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් දෙහිවල වැල්ලවත්ත සහ කොළඹ අවට පදිංචි ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන්නන් බව පොලිසිය කියයි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *