තවක් නාකොටික් කුඩු ජාවාරමක් මාට්ටුයි! ඇල්ලූ කුඩු කිලෝ 200න් 110ක් ම හොරකම් කරලා!

December 15, 2020 at 8:13 am | by emanisa.lk

සුරාබදු දෙපාර්තමේන්තුව මාරවිල, තොඩුවාවේ දී අත්අඩංගුවට ගත් රු. කෝටි 300ක හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් දෙසීයෙන් කිලෝ 110ක් මුහුද මැදදීම පන්නා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ පුළුල් පොලිස් විමර්ශනයක් ඊයේ (13) ආරම්භ කර තිබේ.

සුරාබදු නිලධාරීන් මීගමුවේ සිට නාවික හමුදා යාත්‍රාවකින් ලී කුඩු කිලෝහැටක් හා වීදුරු කැබලි රැගෙන ගොස් මුහුද මැදදී මත්ද්‍රව්‍ය වෙනුවට ඒවා එකතු කළ බව කියන සිද්ධිය සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යටතේ මෙසේ විමර්ශන ඇරඹී තිබේ.

වැටලීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුව ඉකුත් 6 වැනිදා මාරවිලින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත්තේය. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ දේවගැතිවරයෙකු විසිනි. අත්අඩංගුවට ගත් සැකකරුවෙකු විසින් සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් කුඩු තොගයෙන් කොටසක් සොරකම් කළ බව පාපෝච්චාරණය කර තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ජාත්‍යන්තර මුහුදට ගොස් අත්අඩංගුවට ගෙන එහි ට්‍රෝලරයේ ‘ස්කිපර්’ ඇතුළු හත්දෙනකු මුදාහැර ගොඩබිමේදී ඒවා භාර ගැනීමට පැමිණි බව කියන පිරිස පමණක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද සුරාබදු නිලධාරීන් කටයුතු කර ඇතැයි දැනට කරන ලද විමර්ශනවලදී හෙළිවෙමින් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *