පුංචි ඡන්දේ කල් දැමීමෙන් රටට ලක්ෂ දස දහසක පාඩුවක්…!

September 23, 2023 at 9:23 am | by emanisa.lk

පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා අවලංගු කිරීමට ගෙන ඇති තීරණය මඟින් රුපියල් ලක්ෂ දස දහසක මුදලක් රටට අහිමි වන බව පැෆරල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ, රට ආර්ථික අර්බුදයකට පත් ව ඇති මොහොතක මෙවැනි තීරණ ගැනීම ආණ්ඩුවකින් නොකළ යුතු බවයි.

“මේ වන විට පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ කමිටුවක් විසින් පළත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා අවලංගු කිරීම පිළිබඳ යෝජනාවක් සම්මත කරගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ඒ කමිටුවට සහභාගි වූ නියෝජිතයන්ගෙන් සහ ඊට සම්බන්ධ වුණ නිලධාරීන්ගෙන් අහන්නට කැමතියි, මේ වන විට මැතිවරණය සඳහා ලක්ෂ 10,000ට වැඩි මුදලක් මැතිවරණ කොමිසම වියදම් කරලා තියෙනවා. ඒ වගේම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා ලක්ෂ 1,000කට ආසන්න සංඛ්‍යාවක් වැයකරලා තිබෙනවා.

මේ තීන්දුව හරහා මේ රටට අහිමි වන මුදල ලක්ෂ 10,000කට වැඩියි. මේ මහජන මුදල් පිළබඳ මේ ආකාරයේ තීන්දු ගැනීම සඳහා රටට සිදු වන අලාභයේ වගකීම කවු ද ගන්නේ. මේ මොහොතේ මේ මැතිවරණය පැවැත්වූයේ නැතත් පළාත් පාලන මැතිවරණය කොයි මොහොතක හෝ තබන්න සිද්ධ වෙනවා.”

එම යොජනාව මඟින් සිදුවන්නේ ජනතාව ගේ අයිතිය අහිමි කිරීමක් බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *