පුංචි ඡන්දෙන් පොහොට්ටුව දිනවන්න ජනතාව බලාගෙන ඉන්නේ…! – ඩී.වී. චානක….

March 21, 2025 at 5:33 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහා මැතිවරණයේ දී සිය පක්ෂය විශාල පසුබෑමකට ලක්වූ බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.

පසුගිය පළාත් පාලන මැතිවරණය කැඳවූ අවස්ථාවේ සිය පක්ෂයට අපේක්ෂකයන් සොයා ගැනීම පවා ගැටලුවක් වුව ද මේ වන විට විශාල පිරිසක් අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටි බව ද හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වුව ද පසුගිය මැතිවරණයට සාපේක්ෂව ඉහළම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා පක්ෂය බවට පොදුජන පෙරමුණ පත් කිරීමට ජනතාව බලා සිටින බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඩී.වී. චානක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *