පුංචි ආණ්ඩු සියල්ලේ බලයත් ආණ්ඩුවටම දෙන්න… නැත්නම් විරුද්ධවාදීන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරයි…! – ටිල්වින්…

March 21, 2025 at 7:09 pm | by emanisa.lk

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන බලයත් ජාතික ජන බලවේගය වෙත ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

“අපේ රට ගොඩනගනවානම්, රට සංවර්ධනය කරනවානම් රටේ ප්‍රශ්න විසඳීමේදී බිම් මට්ටමේ ක්‍රියාකාරිත්වය භාර ආයතන තමයි පළාත් පාලන ආයතන. ඒ නිසා පළාත් පාලන ආයතනවල බලය ආණ්ඩුව සතුව තියෙන එක ඉතා වැදගත්.

මාලිමා ආණ්ඩුව බලයට පත්වෙලා දැන් මාස 5ක් වගේ වෙන්නේ ඒ මාස 5 තුළ අපි අපේ රටේ විශාල වෙනස්කම් ගණනාවක් කරලා තියෙනවා. අපි විශාල මුදල් වෙන් කිරීමක් කරලා තියෙනවා. ආණ්ඩුවේ කටයුතු බිම් මට්ටමේ ක්‍රියාකරන ආයතන තමයි පළාත් පාලන ආයතන. ඒ නිසා ආණ්ඩුවක් විදිහට තීරණයක් අරන් වැඩකරනකොට ඒකත් එක්ක එකට වැඩ කරන පළාත් පාලන ආයත තිබුනොත් තමයි බිම් මට්ටමේදී ආණ්ඩුවේ කාර්ය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ.

ඒ නිසා ආණ්ඩුව එක පැත්තක පළාත් පාලන තවත් පැත්තක තිබුනොත් ප්‍රතිවිරෝධයක් ඇති වෙනවා අවුලක් ඇතිවෙනවා. ඒ නිසා ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කරන්න එවැනි විරුද්ධවාදීන්ට පුළුවන්කමකුත් ලැබෙනවා. ඒ නිසා අපි හිතනවා තර්කාණුකූල දේ තමයි ආණ්ඩුව යමක් පටන් අරන් තියෙනවා ජනතාව අනුමත කරලා තියෙනවා අපි පටන් ගත්ත දේ.

ජනතාවගේ ඉල්ලීම තියෙන්නේ මේ කටයුතු තවත් වේගවත්ව කරන්න කියලා. ඒ නිසා ඒවා වේගවත් කරන්න අපිට වැදගත් වෙනවා පළාත් පාලන ආයතන ඒ නිසා පළාත් පාලන ආයතනවල බලය ආණ්ඩුව දරන පක්ෂය සතුවීම ඉතා වැදගත් නිසා අපි ජනතාවට කියනවා ආණ්ඩුවේ කටයුතු බිමට ගෙන යෑම සඳහා පළාත් පාලන ආයතන සියල්ලේම බලය මාලිමාවට ලබා දීමට කටයුතු කරන්න කියලා”

අද (21) පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින් ටිල්වින් සිල්වා මේ බව පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *