පීඩාකාරී නායකත්වයෙන් රට මුදාගෙන නව නායකයෙක් රටට පත්කර ගැනීමට කාලය එළැඹ ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.
“දේශපාලන හා ආර්ථිකමය වශයෙන් රට පහළට වැටිලා. නායකයින්ගෙන් අසන්නේ සමරන්නේ කාගේ නිදහසද?
පාලකයන්ගේ නිදහසද? ජනතාවගේ නිදහසද? පිටරට නියෝජිතයින් ගෙන්වා, රටේ ප්‍රභූවරුන් ඉදිරියේ බඩගින්නේ සිටින ජනතාව හෑල්ලු කිරීම නිදහසද?
සුන්දර අපේ මව්බිම අවාසනාවන්තයි. පීඩාකාරි පාලන පැලැන්තියෙන් රට මුදාගත යුතුයි. නිවැරදි නායකයෙක් රටට පත්කරගත යුතුයි”
නිදහස් දිනය වෙනුවෙන් පුංචි බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයට එක්වෙමින් කාදිනල් හිමි එම අදහස් පළ කළේය.