පිරවුම්හල්වල ගෝරි දාන අය වීඩියෝ කර උසාවියට….!

June 25, 2022 at 1:22 pm | by emanisa.lk

ඉන්ධනහල් ආශ්‍රිතව කලහකාරීව හැසිරෙන පුද්ගලයන් වීඩියෝගත කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියලු පොලිස් ස්ථානවලට නියෝග කර තිබේ.

ඉන්ධන පිරම්හල් ආශ්‍රිතව ආරක්ෂක රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා අවධාරණය කර ඇත්තේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව වන නොසන්සුන් තත්ත්ව, ගැටුම්, කලහකාරී තත්ත්ව ආදි සෑම සිදු වීමක්ම වීඩියෝගත කරන ලෙසය.

එම වීඩියෝ දර්ශනවල පිටපතක් පොලිස් ස්ථානාධිපතිවරයාට යොමුකර ඒ සම්බන්ධයෙන් පොලිස් පොත්වල සටහන් තැබිය යුතු බව ද පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව වන කලහකාරී සිදු වීම් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමේදී එම වීඩියෝ දර්ශන යොදා ගන්නා ලෙස ද පොලිස්පතිවරයා වැඩි දුරටත් සිය නියෝගයේ අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *