පිට්ටනි පිරෙව්වට ඡන්ද දිනන්න බෑ..! – එරාන් වික්‍රමරත්න…

January 18, 2024 at 11:39 am | by emanisa.lk

ලෝකය වෙනස් වී ඇති බවත් රැස්වීම් සඳහා පැමිණෙන ජනතාවගෙන් මැතිවරණ ජයග්‍රහකයින් මැනිය නොහැකි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි.

අප දැන් ජීවත් වන්නේ ජනතාව කැඳවා ලවුඩ්ස්පීකර් බැඳ රැස්වීම් පවත්වා දැනුම්වත් කරන ලෝකයක නොවන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

මේ වන විට ජනතාව දැනුම්වත් කරන ප්‍රධාන වේදිකාව බවට සමාජ මාධ්‍ය පත්ව ඇති බව ද එරාන් වික්‍රමරත්න සඳහන් කළේය.

ජනාධිපතිවරණය කැඳවූ පසු පිට්ටනි පිරෙන්නට ජනතාව කැඳවන බවට එක්සත් ජාතික පක්ෂය සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *