පෑලියගොඩ මාර්කට් එකේ කුණු මාළු වගේ විකිණෙන මන්ත්‍රීලා එක්ක මොන සර්වපාක්ෂික ආණ්ඩු ද…? – විජිත හේරත්…

July 28, 2022 at 9:41 am | by emanisa.lk

බදියුදීන් හකීම් නැවත පාර්ලිමේන්තුවට නොඑවන ලෙසත් ඔවුන් සමග කිසිදා කැබිනට්ටුවක වාඩි නොවන බවත් ප්‍රකාශ කළ විමල්, ගම්මන්පිල සහ රතන හිමි අවසානයේ හකීම් බදියුදීන්ලා සමග ඩලස් ජනාධිපති කර ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කළ බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් චෝදනා කරයි.

ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු ප්‍රකාශ කළේ සර්වපාර්ක්ෂික ආණ්ඩුවක් ගොඩනැඟීමේ අවස්ථාව ද දැන් ගිලිහී ගොස් හමාර බවය.

“දැන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි වෙන්න කිසිම ඉඩක් නැහැ. ඒ අවස්ථාව මඟ හැරිලා ගියා. කෙටි කාලයක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි යෝජනා කළා.

ඒ ආණ්ඩුව සකස්විය යුත්තේ මේ විදිහට නෙමෙයි. පෑලියගොඩ මාළු මාර්කට් එකේ කුණු මාළු විකිණෙන ගාණට මන්ත්‍රීවරුන් විකිණිලා, ජනාධිපතිවරයෙක් පත් වීම තමයි සිදුවුණේ.

මෙවැනි ක්‍රමයක් තුළ ජනතාව බලාපොරොත්තුවෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදෙන්නේ නැහැ. දැන් පොහොට්ටුවෙන්ම අගමැතිවරයා පත් කරල අවසානයි. සර්වපාක්ෂික කතාව දැන් වලංගු නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *