පැය 13ක් අඳුරේ සිටි රටක් මාස 12ක කාලයක් තුළ ක්‍රමවත්ව ඉදිරියට ගෙන ඒමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
ඒ ඊයේ (30) ජාතික ලොතරැයි මණ්ඩලයේ සුපිරි ධන සම්පත ටිකට්පත හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
“රට වෙනස් කරන්න හදද්දී සුළු පිරිසකගේ උවමනාවට වෙනස කරන්න මැලිවෙනවා. රටට අද වෙලා තියෙන්නේ ඒක. අපි ඒ වෙනස්කම් කරන්න මැලි වුණ නිසා රට ආර්ථික අර්බුදයකට ගියා. මේ ආර්ථික අර්බුදය තෝරගත්ත කොටසකට ආපු එකක් නෙවෙයි හැමෝටම ආපු එකක්. පැය 13ක් අඳුරේ හිටපු රටක්. අපි මේ මාස 12ක් තුළ රට ක්‍රමවත්ව ඉදිරියට ගෙන ආවා. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය ලබාදුන්නා.
දැන් අර්බුදයෙන් මිදිලා යම් තැනකට ආවට පස්සේ වෙන පිරිසක් වෙන තැනකට ගෙනියන්න හදනවා. ඔවුන් ඒ අර්බුදය දිගටම ගෙනියන්න හදපු අය. මේ අර්බුදයෙන් වෙනස්වෙන්න ගත්ත ක්‍රියාමාර්ග යම් වේදනාකාරී ඒවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් ආයතන එක්ක සාකච්ජා අනුව 2024 ආර්ථික වර්ධනයකට යන්න පුළුවන් වෙනවා.
කලුවර කරපු අයට මාධ්‍යත් වැඩියෙන් අවස්ථාව ලබාදෙනවා. ජනාධිපතිවරයා අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට ඒ අභියෝගය භාරගෙන සියලුදෙනාගේ දායකත්වය අරගෙන කටයුතු කරගෙන යනවා. බදු එකතුකිරීමෙන් පමණක් මේක කරන්න බෑ. රටමේ විදිහට පරිවර්තනය වුනේ ජනාධිපතිවරයාගේ අත්දැකීම් නිසා.”