රේගු පරික්ෂා කිරීමකින් තොරව වරායෙන් නිදහස් කළ බහලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් පවසයි.
අදාළ බහලුම් සමඟ තමන්ට කිසිදු සම්බන්ධතාවක් නොමැති බවද ඔහු අවධාරණය කරයි.
පසුගිය දිනක දී පරික්ෂා කිරීමකින් තොරව වරායෙන් නිදහස් කළ බහලුම් 323 අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිස් යූසුෆ් විසින් ආනයනය කළ දෑ ඇතුළත් බහාලුම් තිබූ බවට චෝදනා එල්ල විය.
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවත් තමන් කිසිදු විටක දී දේශපාලනය සිදුකිරීමට නොපැමිණි අතර තමන්ට අවශ්‍ය වුයේ ජනතාවට සේවය කිරීමට පමණක් බවත් ඔහු පවසයි.
චෝදනා එල්ල වන එක්ස්පෝ ලංකා සමාගම සමග තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ආණ්ඩුකාර ධුරය භාර ගැනීමට පෙර තමන් ඉන් ඉල්ලා අස් වූ බවත් හනිස් යූසුෆ් ප්‍රකාශ කරයි.
කෙසේ වුවත් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ මෙම බහලුම් අතර රතු වර්ණයෙන් සංකේත කළ බහාලුම් බහුතරයක් තිබූ බවට රේගු වෘත්තීය සමිති පසුගියදා චෝදනා කර සිටියේය.