පාස්කු ප්‍රහාර කල්ලියේ දහ දෙනෙක් මෙරටට ගේනවා….!

April 4, 2021 at 5:14 pm | by emanisa.lk

පාස්කු ඉරුදින ප්‍රහාරයට විවිධ අයුරින් සම්බන්ධ බව කියන අන්තවාදී කණ්ඩායම්වල දස දෙනකු විදේශයන්හි සිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

මෙසේ ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත්තේ ඕස්ට්‍රෙිලියාව, ඩුබායි හා කටාර් රාජ්‍යයන්හි සිටින දස දෙනකු බව ද වාර්තා වෙයි.

මෙම පිරිස එම රටවල සිට විවිධ අන්තවාදි අදහස් පතුරුවා ඇති බවට තොරතුරු හෙළි වී තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *