පාස්කු ප්‍රහාරේ ගැන විවාදෙකට අභියෝග කළ හරීන්ට දැන් විවාද කරන්න බෑලු…!

January 22, 2022 at 6:37 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයක් සඳහා සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු අභියෝග කළ ද දැන් ඔහු එම විවාදය මග හරිමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

කාංචන විජේසේකර පවසන්නේ, එළඹෙන බ්‍රහස්පතින්දා ස්වර්ණවාහිනිය ඔස්සේ විවාදය පැවැත්වීමට ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ තමා එකඟ වූ බවයි.

එහෙත් මනූෂ නානායක්කාර සමග විවාදයට පැමිණෙන බව ප්‍රකාශ කළ හරීන් ප්‍රනාන්දු බ්‍රහස්පතින්දා විවාදයට සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති බව එහි පාලනාධිකාරිය තමන් වෙත දැනුම් දුන් බව ද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

කෙසේ වුව ද හරීන් ප්‍රනාන්දු කැමති දිනයක ඔහු කැමැති ඕනෑ ම අයකු සමග එම විවාදයට තම පාර්ශ්වය සූදානම් බව කාංචන විජේසේකර අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *