පාස්කු ප්‍රහාරය පිළිබඳ සමාව ඉල්ලන්න මට ලැජ්ජ නෑ…! වර්තමාන ආණ්ඩුවත් සමාව ඉල්ලන්න ඕන….! – සජිත්…

April 5, 2021 at 7:05 am | by emanisa.lk

තමන් ඇමැති ධූරයක් දැරූ ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරය එල්ල වීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

විපක්ෂ නායක ජංගම සේවයේ 72 වැනි අදියරට අද (04) තිස්සමහාරාම මාගම ප්‍රදේශයේ දී එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“වගකීම්වලින් අපි පැනලා යන්න සුදානම් නැහැ. මම කැබින් ඇමැතිවරයෙකු ලෙස හිටපු ආණ්ඩුවක් යටතේ ප්‍රහාරය සිදුවීම ගැන මම සමාව ගන්නවා.

ත්‍රස්තවාදය ක්‍රියාත්මක හා සැලසුම් කරන අයට මරණීය දඬුවම ක්‍රියාත්මක විය යුතුයි. යළිත් කිසිදාක ත්‍රස්තවාදය ක්‍රියාත්මක නොවන්න මෙරට නීති සකස් කළ යුතුයි.

ආරක්ෂක ජාලය ශක්තිමත් කළ යුතුයි. සමාව ඉල්ලන්න ලැජ්ජා වෙන්නෙ නැහැ. ආණ්ඩුවත් ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕන.

වෙන න්‍යාය පත්‍ර කේන්ද්‍ර කරගනිමින් සඟවන්න එපා. විදෙස් විශේඥයින් ගෙන්වන්න. ප්‍රහාරය පිටුපස ඇති අදිසි හස්ත හෙළිවන පරිදි විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *